රට තුළ ඉන්ධන තොග ප්‍රමාණවත්ද? නව සභාපති පිළිතුරු බදියි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව එළඹෙන අප්‍රේල් මාසය දක්වා හිඟයක් නොමැතිව ඉන්ධන සම්පාදනය සඳහා අවශ්‍ය සියලු ඇණැවුම් ලබා දී ඇති බව එහි නව සභාපති ඩී.ජේ.ඒ.එස්. ද රාජකරුණා මහතා පවසයි.

ප‍්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරියේ දී සතිපතා සැලසුම් සකස් කරන බවයි රාජකරුණා මහතා පවසන්නේ.

වඩාත් කාර්යක්ෂම ඉන්ධන සැපයීමක් සඳහා ඉන්ධන පිරිපහදු අංශය දියුණු කිරීම තෙල් සංස්ථාවේ අරමුණ වන අතර මෑතකාලීන ඉන්ධන මිල සංශෝධනය දැනට පවතින මිල සංශෝධනය අනුව සිදුකරන ලද අතර මහජනතාවට වැඩි සහන ලබා දීම සඳහා මිල සූත්‍රය වැඩිදියුණු කිරීමට අදහස් කර සිටින බවද ඔහු සඳහන් කරයි.

වෙනත් පාර්ශ්ව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කිරීම දැනට කළ නොහැකි බවත් රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැක්කේ එහෙයින් බවයි රාජකරුණා මහතා කියාසිටින්නේ.

ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවග රාමුව තුළ බව හෙතෙම පවසයි.

මේ අතර ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණ වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීමට නියාමන කොමිෂන් සභාවට භාරදීමට අපි බලාපොරොත්තු වන බවත් ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...