සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ගෝලයකු තව දුරටත් රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ (LNW):

මෙරට ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන සළිදු ගුණරත්න නොහොත් කුඩු සළිදු නැමැති අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස  හැදින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත්  “පියුමා ” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, ඔහු ලබන 16 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව  මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

ඒ සැකකාර පියුම් හස්තික බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වන අතර,තම සේවා දායකයාට මීනිමැරුම් වැනි චෝදනා මිස ත්‍රස්තවාදීමය කටයුතු සඳහා වන චෝදනා යොමු වී නැති බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළේය.

එබැවින් සැකකරුට ඇප ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටි අතර, සැකකරුට එරෙහිව සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධ චෝදනා ඇති බව, එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙහ්න්තුව කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...