සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ගෝලයකු තව දුරටත් රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ (LNW):

මෙරට ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන සළිදු ගුණරත්න නොහොත් කුඩු සළිදු නැමැති අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස  හැදින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත්  “පියුමා ” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, ඔහු ලබන 16 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව  මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

ඒ සැකකාර පියුම් හස්තික බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වන අතර,තම සේවා දායකයාට මීනිමැරුම් වැනි චෝදනා මිස ත්‍රස්තවාදීමය කටයුතු සඳහා වන චෝදනා යොමු වී නැති බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළේය.

එබැවින් සැකකරුට ඇප ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටි අතර, සැකකරුට එරෙහිව සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධ චෝදනා ඇති බව, එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙහ්න්තුව කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...

බංගලාදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...