ලෝක ගණිත ජයක් ලැබූ ලාංකික සිසුවියට තානාපති මහින්දගේ සු’පැතුම් .!

Date:

අශෝක ජයතුංග

ඔක්තෝබර් 02 වොෂින්ටන් LNW :

පසුගියදා ඇමෙරිකාවේ කොලොබ්බියා විශ්ව විද්‍යාලයේ පැවැති 5 වන “කොපර්නිකස් ඔලිම්පියාඩ් ලෝක තරගාවලියේ”  ගණිත අංශයේ පළමු කාණ්ඩයේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඩියානා ලියෝනි පෙරේරා ලාංකික සිසුවිය සමත් වූවාය.

තවමත් දස හැවිරිදි ඇය කොළඔ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍යාවකි. දෙමව්පියන් සමග වොෂින්ටන් DC තානාපති කාර්යාලයට පැමිණි ඇයට තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු නිළධාරීන් උණුසුම් සුබ පැතුම් එක් කළහ.

“ලාංකීය දරුවෙකු ලෙස ඔබ ලැබූ ජය රටම ලැබූ ජයක්. එම විශිෂ්ඨත්වයට සුබ පතනවා. එම අභිමානය ලබාගැනීමට ඔබකල කැපවීම අගයනවා.ඔබ සෙසු ලාංකික දරුවන්ටත් ආදර්ශයක්. අනාගයේදීත් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට සුබ පතනවා” තානාපති සමරසිංහ මහතා පැවසීය.

පෙරේරා ශිෂ්‍යාව ග්‍රන්ථ කතුවරියක් හා අධ්‍යාපනික වීඩියෝ නිර්මාණය කරන බව ද එහිදී එළිවිය. ඇයගේම සමාගමක් හරහා ඒවා අලෙවි කරන අතර ක්‍රීඩාව හා වයලීන් වාදනයට ඇති ඇයගේ හැකියාවද එළිවිය.

කොපර්නිකස් ඔලිම්පියාඩ් යනු 03 සිට 12 දක්වා සිසු සිසුවියන්ට ගනිතය , විද්‍යාව, භෞතික විද්‍යාව ඇතුළු විෂයන් රැසකදී තම හැකියාව පෙන්වීමට ලැබෙන ජාත්‍යන්තර  තරගාවලියකි. මෙවර රටවල් 52 ක තරගකරුවන් 92,400 ක්  තරග වැදුන අතර ඉන් රටවල් 30 ක 936 ක් අවසන් තරගයට එක්වූ අතර ඩියානා ජයගත්තේ එහි ගනිත අංශය ය.

ඇයගේ දෙමව්පියන් වන ප්‍රසන්න හා ඉන්දිකා පෙරේරා යුවල හා තානාපති නිළධාරීන් ද මෙම අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...