මත්පැන් නිෂ්පාදනාගාර ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළි වූ දේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

අලුත් බාර් ලයිසන්වලින් බිලියන 2ක ආදායමක් ලබා ඇති බව, ඔක්තෝමබර් මාසයට අදාළව ඊයේ (02 වැනිදා) පැවැත්වූ මත්පැන් නිෂ්පාදනාගාර ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

2023 සහ 2024 යන වසරවලදී සුරාබදු ආදායම සියයට විසිහතරකින් පමණ ඉමහළ ගොස් ඇති බව හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම වසර අවසන් වන විට සුරාබදු දෙපාර්තුමෙන්තුවේ ඉලක්කය රුපියල් බිලියන දෙසිය තිස්දෙකක් බවත් එම ඉලක්කය මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සහ මත්පැන් හල් බලපත්‍ර අලුත් කිරීම හරහා ලැබෙන ආදායම ඔස්සේ ලබාගැනීමට අපේක්ෂා කරන බවත් කොමසාරිවරයා ජනරාල්වරයා කියා සිටියේය,

තම නිෂ්පාදනයන්හි සියයට හැත්තෑවක පමණ බදු ප්‍රතිශතයක් පවතින බැවින් එම බදු ප්‍රමාණය අඩු කිරීමට හැකිනම් මත්පැන් මිලද පහළ දැමිය හැකි බවත් මෙලෙස මත්පැන් නිෂ්පාදනවල මිල ඉහළ බැවින් නීතිවිරෝධී මත්පැන් භාවිතය මේ වන විට ඉහළ ගොස් ඇති බවත් නිෂ්පාදකයන් විසින් මෙහිදී පෙන්වාදී තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොමසාරිස්වරයා ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ නීතිවිරෝධී මත්පැන් වැටලීම් ඉදිරියේදි තදින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් පසුගිය 2023 සහ 2024 වසරවලදී මත්පැන් නිෂ්පාදකයන් විසින් රජයට ගෙවිය යුතුව තිබෙන හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන එකයි දශම අටක්වේ. එම හිඟ මුදල් එළැඹෙන නොවැම්බර් මස 30 වැනිදා වන විට ගෙවීමට අපොහොසත්වන මත්පැන් නිෂ්පාදන සමාගම්වල 2025 වසර සඳහා වන බලපත්‍ර අලුත් නොකිරීමට සුරාබදු දෙපාර්තුමෙන්තුව මේ වන විට තීරණය කර තිබේ.

2023 සහ 2024 යන වසරවලදී සුරාබදු අයකර ගැනීම යම් හෙයකින් අඩාළ වුවද තමා කොමසාරිස් ලෙස කටයුතු කළ පසුගිය 2021 සහ 2022 යන වසරවලදී එය වඩාත් කාර්යක්ෂමව සිදුකළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරාබදු කොමසාරිස්වරයා ජනරාල්වරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...