අවුරුදු දෙකෙන් රට ගොඩගත්ත නායකයට මිනිස්සු සැලකුවේ නැහැ – වජිර

Date:

කොළඹ LNW:බංකොලොත් රටක් වසර දෙකකින් ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව සැලකූයේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

කලෙක දී මින්නේරියේ දෙයියෝ කියූ සී.පී. ද සිල්වා පරාජය කර ගෙදර යැවූ බවත් නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාවද මැතිවරණයෙන් පරාජය කර එළවා දැමූ බවත් අනගාරික ධර්මපාලතුමාට පවා අපහාස කළ කෘතවේදීත්වයෙන් සලකන්න නොදන්නා අය අවුරුදු දෙකෙන් රට ගොඩ දමපු රනිල් වික්‍රමසිංහ මහත්තාටත් නොසලකා හැරිය බවයි ඔහු සඳහන් කරන්නේ.

“මේ රටේ රතු ආණ්ඩුවක් පිහිටුවල තිබෙන්නේ අවුරුදු පනහකට පසුවයි. අපි භාර ගත්තේ බංකොලොත් රටක්. ඉන්දියාව, චීනය, ජපානය ආදී ණය දුන්න රටවලට පසුගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහින් කතා කළා. එතුමාට ඒ කාලයේ වෙන දෙයක් කරන්න කාලයක් තිබුණේ නැහැ. ඒක කරල එන්න සිදුවුණේ ඡන්දයකට යි. අනෙක් අය ඒ කාලය තුළදී බොරු කියමින් වෛරය පැතිරෙව්වා. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙවර පරාජය වුණේ. ගියවර මහ මැතිවරණයෙන් පරාජය වූ වෙලාවෙදිත් අපෙන් කැඩිල ගිය අයට එකතු වෙන්න කියල කිව්වා. ආණ්ඩුව ගත්ත ගමන් රනිල් මහත්තයා ඒ ආරාධනාව කළා. නමුත් ඒ අය කියන්නේ එකතු වෙන්න බැහැ කියලයි. පොදුජන පෙරමුණේ කට්ටිය කියන්නේ පොදු ලකුණකින් එකතු විය යුතුයි කියලයි. ඩී.ඇස්. සේනානායක මහත්තයා පළමු වරට අගමැති වුණේ දිනල නොවෙයි. සියලු දෙනාම එකතුවෙලා එතුමා අගමැතිකමට තෝර ගත්තා. මැතිණිය ඇතුළු හැම නායකයෙක්ම පක්ෂයේ නායකත්වය තියා ගත්තා. වාහනයක් දමල ගියා නම් ඒවා ප්‍රදර්ශනය කරනවට වඩා අයිතිකරු සොයල අත්අඩංගුවට ගන්න ඕනෑ. ආණ්ඩුව ගත්ත අය එන්නේ මිනිසුන්ගේ දුක අහන්න නොවෙයි. අපි ආවම ගේ කැඩිල ඒක හදල දෙන්න, මාරුව හදල දෙන්න ආදී ප්‍රශ්න කියල ලියුම් දෙනවා. රතු ආණ්ඩුවේ කිසිම කෙනකුට ජනතාව ප්‍රශ්න කියල ලියුම් දීල තිබෙනවද” හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...