ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු දිවි සැරිය නිම කරයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

දිගු කලක් පුරා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කළ මහින්ද ගුණතිලක  මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මහින්ද ගුණතිලක මහතා 1991 වසරේ පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙකු ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එක් වූ වැඩසටහන් රැසක් සදහා සිය දායකත්වය ලබා දුන් අතර, 1991 වසරේ සිට 2004 වසර දක්වා අඛණ්ඩව ඔහු ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදකවරයෙකු හා ප්‍රවෘත්ති කාර්යභාර සංස්කාරවරයෙකු ලෙස සේවය කළේය.

ජාතික රූපවාහිනියේ ළමා පුවත් නිෂ්පාදකවරයෙකු ලෙස ද කටයුතු කළ ඔහු ආගමික වැඩසටහන් ඒකකයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අතර, ටික කලක් රෝගාතුරව සිටි මහින්ද ගුණතිලක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මිය යන විට 55 වන වියෙහි පසු විය.

ඔහුගේ දේහය බොරලැස්ගමුව පිරිවෙන උද්‍යානයේ පිහිටි  නිවසේ තැන්පත් කර තිබෙන අතර, අවසන් කටයුතු අනිද්දා මහරගම පොදු සුසාන භූමියේදී සිදු  කිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...