ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු දිවි සැරිය නිම කරයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

දිගු කලක් පුරා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කළ මහින්ද ගුණතිලක  මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මහින්ද ගුණතිලක මහතා 1991 වසරේ පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙකු ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එක් වූ වැඩසටහන් රැසක් සදහා සිය දායකත්වය ලබා දුන් අතර, 1991 වසරේ සිට 2004 වසර දක්වා අඛණ්ඩව ඔහු ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදකවරයෙකු හා ප්‍රවෘත්ති කාර්යභාර සංස්කාරවරයෙකු ලෙස සේවය කළේය.

ජාතික රූපවාහිනියේ ළමා පුවත් නිෂ්පාදකවරයෙකු ලෙස ද කටයුතු කළ ඔහු ආගමික වැඩසටහන් ඒකකයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අතර, ටික කලක් රෝගාතුරව සිටි මහින්ද ගුණතිලක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මිය යන විට 55 වන වියෙහි පසු විය.

ඔහුගේ දේහය බොරලැස්ගමුව පිරිවෙන උද්‍යානයේ පිහිටි  නිවසේ තැන්පත් කර තිබෙන අතර, අවසන් කටයුතු අනිද්දා මහරගම පොදු සුසාන භූමියේදී සිදු  කිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...