කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන නියෝගයට අනුකූල වෙමින් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය සඳහා දින නියම කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
මේ වන විට රටේ ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් තෝරා පත්කරගැනීම සඳහා ප්‍රමුඛතාව ලබා දීමට සිදුව තිබෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
කෙසේවෙතත් නියමිත පරිදි මෙම මස 26 වැනි දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම නියමිත පරිදි පැවැත්වෙන බවද කොමිසම අවධාරණය කරයි.
ආශිකා බ්‍රාහ්මණ