*
Friday, October 4, 2024
spot_img

Latest Posts

ඊශ්‍රායලය ඉරානයේ තෙල් පිරිපහදුවලට ප්‍රහාර එල්ල කළ හැකි – ජෝ බයිඩන්

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටෙහෙරානයේ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරාන තෙල් බිම්වලට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළ හැකි බව ජනාධිපති ජෝ බයිඩන් අද(03)දිනයේදී සඳහන් කර තිබේ.

ඉරානය ඊශ්‍රායලයට එරෙහි ආක්‍රමණශීලී පියවරෙන් පසු කලාපය තුළ උද්ගතව ඇති උණුසුම්කාරී වාතාවරණය මධ්‍යයේ ජනාධිපති බයිඩන් මෙම ප්‍රකශය සිදු කර ඇති අතර මෙම ප්‍රකාශයත් සමඟ අද(03) තෙල් මිලෙහි ක්ෂණික වැඩිවීමක් සිදුව තිබේ. මේ පිළිබඳව වැඩි දුරටත් ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සමඟ මේ පිළිබඳව සාකච්චා කරමින් සිටින බවයි.

ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනනය වෙත සිය ප්‍රහාර එල්ල කරමින් සිටින අතර පසුගිය පැය 24 තුළ ලෙබනනයේ සෞඛ්‍ය සේවකයින් දුසිම් ගණනක් මිය ගිය බව WHO ප්‍රකශ කළ අතර ලෙබනනයේ අවම වශයෙන් රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරුන් 28 දෙනෙකු මරා දමා තිබේ.

පසුගිය වසර පුරා ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු ළමුන් 127 ක් ඇතුළුව පුද්ගලයින් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් 9,384 ක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan