*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ කේන්ද්‍රීය අභියෝගය – බටහිර විසින් පනවන ලද පටිතද කිරීම!

කොළඹ LNW:අනුර කුමාර දිසානායකට අවශ්‍ය වන්නේ රටෙහි ජනතාව දඬු කඳේ ගසන ණය අර්බුදය සමයේ පීඩා අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) වඩා හොඳ ගනුදෙනුවකි. ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතකදී ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට කඩා වැදී ඔහුගේ තටාකයේ පිහිනූ කල්හි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 දී වචනාර්ථයෙන්ම එළවා දමන ලදී. නිදහසින් පසු රට පාලනය කොට ඇති දේශපාලන පක්‍ෂ සහ ඒවායේ අතු රිකිලි අහෝසි වෙමින් පවතියි.

නව ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පක්ෂයට අයත් වන අතර නව මධ්‍ය-වාම ජාතික ජන බලවේගය (ජාජබ) සභාගයට නායකත්වය දෙයි. ජනතා විමුක්ති පෙරමුණ 1970 දශකයේ මුල් භාගයේ සහ 1980 දශකයේ අගභාගයේ ප්‍රධාන කැරලි දෙකක නිරත වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දස දහස් ගණනකගේ ජීවිත අහිමි විය. බහුජන ප්‍රචණ්ඩත්වය ජනතා විමුක්ති පෙරමුණ සහ රාජ්‍යය යන දෙකම විසින් සිදු කරන ලදී. එහෙත් පක්ෂය මධ්‍යවාදී ප්‍රධාන ප්‍රවාහයට ගමන් කරනු ලදුව, විප්ලවවාදී මාක්ස්වාදී-ලෙනින්වාදයේ සහ සිංහල වාර්ගික-ජාතිකවාදයේ මිශ්‍රණයෙන් ඔබ්බට ගමන් කර ඇත. පක්ෂය රටේ ග්‍රාමීය දකුණේ සිය මූලයන්ගෙන් පටන් ගෙන, තදාසන්න ප්‍රදේශවල සහ කුඩා නගරවල එහි පදනම නැවත හැඩ ගස්වා ගත් අතර දූෂණය පිළිබඳ ප්‍රශ්නය අතට ගනිමින් මධ්‍යම පාන්තිකයන් පවා දිනා ගත්තේය. එය මැතිවරණ මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීම පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මත රඳා පැවතුනේ දේශපාලන සුළං හැරෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටිය හෙයිනි.

නමුත් අනුර කුමාර දිසානායක ගන්න. පෙර පැවති 2019 ජනාධිපතිවරණයේදී ඔහු ලබා ගත්තේ 3.8% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. මේ සතියේ ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

එහෙත් එහි ජයග්‍රහණය පැමිණෙන්නේ දුෂ්කර සමයකදී ය. මන්ද යත්, නිදහස් වෙළෙඳපොළ නාමයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ සුබසාධන කප්පාදුව දිගු කලක් ප්‍රවර්ධනය කර ඇති වොෂින්ටනය පදනම් කරගත් මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) සමග ඇති කරගත් ගිවිසුමක කොන්දේසිවලට අනුකූලව දැඩි පටිතද කිරීමේ කප්පාදු පියවරයන්ට බංකොලොත් වූ රට යටත්ව සිටින බැවිනි.

පසුගිය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කොන්දේසි සාකච්ඡා කිරීම ගැනවත් සැලකුවේ නැත. එය ගෝලීය බලවතුන් ඉදිරියේ බඩගාමින් වැඳ වැටෙන්නට කැමැත්තක් දැක්වූ අතර බටහිර ආයතනවල මිණුම් සලකුණු සහ නිර්දේශයන්ට අනුකූලව ආර්ථිකය මෙහෙයවීය. මෙම ආර්ථික ප්‍රතිපත්ති රටේ ප්‍රභූ පැලැන්තියට ප්‍රතිලාභ අත්කර දුන් අතර, වැට් බද්ද ඉහළ යාමේ බර, බලශක්ති වෙළඳපොල මිලකරණය, බොහෝ දෙනෙකුගේ සැබෑ වැටුප් අඩකින් අඩුවීම සහ ජීවන වියදම දෙගුණ කිරීම යන සියල්ල වැඩකරන ජනතාවට පහර එල්ල කර ඇත. ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් (විශාල හෙජ් අරමුදල් (hedge fund) (1) සහ අනෙකුත් මූල්‍ය සපයන්නන්ගෙන් සමන්විත) විසින් තල්ලු කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාමූඅ හි ණය තිරසාරත්ව විශ්ලේෂණය තෘප්තිමත් කිරීම සඳහා ද අවශ්‍ය විය. මෙයින් දැන් අදහස් වන්නේ, ඉදිරි වසර 16 තුළ ඇඟලුම් කම්කරුවන් සහ තේ දළු නෙළන්නන් වැනි වැඩ කරන ජනතාවගේ විශ්‍රාම අරමුදල්වල වටිනාකමෙන් අඩක් අහිමි වනු ඇති බවයි. මේ අතර, මූල්‍ය ක්ෂේත්‍රයේ ධනවත් ආයෝජකයින් ඔවුන්ගේ ආයෝජනවලට අත නොතැබීම සමඟ කිසිදු දඬුවමක් හෝ හානියක් නොමැතිව නිදහස් වී ඇත.

දිසානායක ඉදිරියේ ඇති කේන්ද්‍රීය අභියෝගය වන්නේ වඩා හොඳ ජාමූඅ ගිවිසුමක් ලබා ගැනීමයි. සමාජ වෙනසක් අපේක්ෂා කරන නව ජනාධිපතිවරයෙකු සහ ගෝලීය මූල්‍ය හා වෙලඳපොලවල අවශ්‍යතා සඳහා කැපවී සිටින පැරණි ජාමූඅ අතර මෙම ආතතිය, ඉදිරි සති සහ මාසවලදී දිග හැරෙනු ලැබීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාව සති හතකින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන අතර පාර්ලිමේන්තුව තුළ දිසානායකගේ ශක්තිය සහ ඔහුට ගොඩනගා ගත හැකි ජාතික සම්මුතිය ජාමූඅ සමඟ ඔහුගේ කේවල් කිරීමේ බලය සහ රට තුළ ප්‍රභූ පැළැන්තියෙන් එන බළපෑම වළක්වා තබා ගැනීමට ඔහුට හැකි ප්‍රමාණය තීරණය කරනු ඇත.

ඕනෑම නැවත සාකච්ඡාවක හදවතේ ඇත්තේ ජාමූඅ හි ඉලක්ක වේ. මේවාට අනුව, ශ්‍රී ලංකාව සිය රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% දක්වා අඩු කළ යුතු අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වූ පසු වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක් බාහිර ණය සහ පොළී ආපසු ගෙවීම සඳහා වැය කළ යුතුය. මෙය සියලුම රාජ්‍ය ආදායමෙන් 30% ක් ණය සහ පොළී ආපසු ගෙවීම මත යෙදවීමකි. ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට, විශේෂයෙන් ඩොලර් බිලියන 12.55ක් ණය ලබා දී සිටින ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ට මෙය කදිම අවස්ථාවකි. නමුත් ණය සහන ලැබී ඇත්තේ සුළුවෙන් වන තත්ත්වයක් යටතේ, යථාර්ථය නම්, ශ්‍රී ලංකාව නැවතත් ණය ගෙවීම පැහැර හැරිමකින් කෙලවර විය හැකි බවයි.

මෙම සන්දර්භය තුළ, ජාමූඅ සමඟ ගමන් මඟෙහි අවසානය දක්වා රැඳී සිටින ලෙස දිසානායකට පීඩනය වැඩි වෙමින් පවතී. කොළඹ අගනුවර ප්‍රභූ පැලැන්තියේ සිට බටහිර මාධ්‍ය දක්වා පවතින බොහෝ කතා බහට ලක්ව ඇත්තේ හිටපු මාක්ස්වාදියෙකුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩ කර ආර්ථිකය කළමනාකරණය කළ නොහැකි බවයි. මෙය එක්තරා ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවකට ගැනේ. වැඩසටහනේ කාලසීමාව සඳහා ඊනියා “ජාමූඅ ණය සහන ලබාදීම” මසකට ඩොලර් මිලියන 60 ක් පමණ වන අතර, ශ්‍රී ලංකාවේ මසක විදේශ ඉපැයීම් (අපනයන, සේවා ඉපැයීම් සහ විදෙස්ගත සේවකයන් රටට එවන මුදල් ) දැන් එම මුදල මෙන් 30 ගුණයක් පමණ වන අතර එය ඩොලර් මිලියන 1,800 ක් වන බව මෙහිදී පෙන්වා දීම වැදගත්ය. වෙනත් වචන වලින් කිවහොත්, ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලන පීඩනය සහ හුදකලා වීමේ බිය නිසා මිස, ජාමූඅ හි අරමුදල් සඳහා එම වැඩසටහනට ඇලී නොසිටිනු ඇත.

මෙහිදී වෙනත් තැනකින් – විශේෂයෙන් කෙන්යාවෙන් ඉගෙන ගත යුතු පාඩම් තිබේ. එහි සභාපති විලියම් රූටෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමකින් වසරකට පසුව, 2022 දී බලයට තේරී පත් වූ අතර, නව ලිබරල් වැඩපිලිවෙලට ඇලී සිටීම නිසා අවසානයේ ඔහු වෙනුවෙන් වොෂින්ටනයේදී රතු පලස් එලන ලදී. එහෙත් වසර දෙකක් ඇතුළත කප්පාදුවට සහ රාජ්‍ය මර්දනයට එරෙහි දැවැන්ත විරෝධතා එම රට විනාශ කර ඇත. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 70ක පමණ මෙන්ම ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාව තුළද එම ප්‍රශ්න මතු වේ. ඔවුන් තම ජාතික ප්‍රතිපත්ති බැඳුම්කර හිමියන්ට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට උකස් කිරීම දිගටම කරගෙන යනවාද, නැතහොත් ඔවුන් සංවර්ධන මූල්‍යයේ විකල්ප මාර්ග සොයා, අබ්බගාත ජාමූඅ වැඩසටහන්වලින් මිදීම සඳහා සාකච්ඡා කරනවාද?

මෙම විකල්පයන් දෙක අතර දිසානායකට තදින් අදින ලද කඹයක් දිගේ ඇවිදින්නාක් ෙමන් කටයුතු කිරීමට සිදුවනු ඇත. නිදහසින් පසු අසන්තක කරණයේ නරකම අදියර පසුකරමින් සිටින රටකට සහ ජනතාවකට ජාත්‍යන්තර සහයෝගීතාවය යන්නෙන් අදහස් විය යුත්තේ රට යළි ගොඩනැගීමට අවකාශය සැලසීමයි. මක්නිසාද යත්, දිසානායක තමන් සමඟ පුරවැසියන් කැටුව යාමට අසමත් වුවහොත්, දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව විනාශ කළ ජාතිවාදී හා ධ්‍රැවීකරණ බලවේගයන් අවි අමෝරා සිටිනු ඇත.

අහිලන් කදිර්ගාමර්

අහිලන් කදිර්ගාමර් යනු දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

අග සටහන්

වෘත්තීය අරමුදල් කළමනාකරුවන් විසින් මුදල් එකතු කර කළමනාකරණය කරන පුද්ගලික ආයෝජකයින්ගේ සීමිත හවුල්කාරිත්වයකි.
එංගලන්තයේ The Guardian පුවත්පත 2024 සැප්තැම්බර් 24 දින Sri Lanka’s new president faces a problem shared by too many developing countries: austerity imposed by the west මැයෙන් පළ කළ ලිපියේ සිංහල පරිවර්ථනය සංස්කරණය ‘කතිකා’ විසිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan