ඩයනාට එරෙහි නඩුවක් වැඩිදුර පූර්ව නඩු විභාගයට දින!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):

කොළඹ මහාධිකරණය විසින්, හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහි නඩුවක් වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා ලබන මස 4 වනදා කැදවීමට නියමකළ බව සඳහන් වේ.

කූඨ ලේඛණයක් ඉදිරිපත්කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර, එම නඩුව  අද (04) කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥවරිය කියා සිටියේ නඩුවේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවෙකු එක් කිරීමට තීරණය කර ඇති බවයි.

නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන විත්තිකාරියගේ උප්පැන්න සහතිකයේ මුල් ගොනුව නඩු විභාගය ආරම්භයට පෙර පරික්ෂා කිරීමට අවශ්‍ය බව විත්තියේ නීතීඥවරයා දන්වා සිටි අතර, ඒ අනුව අදාළ ගොනුව සතියක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් පාලන කොමසාරිස්ගේ අභිමතයට අභියෝග කරන්න හැකියාවක් නැහැ – මැ. කො ප්‍රශ්නය විසඳයි!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරු තෝරා ගැනීමේ...

මිලාන් රත්නායකට එක්දින වරම්…?

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: අද දිනයේ පැවත්වෙන් ශ්‍රී...

ඩේසි ෆොරොස්ට් සහ යෝෂිතට අධි චෝදනා භාර දෙයි!

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW : අද (02) දින...