ඉන්ධන බෙදාහැරීම ගැන ආණ්ඩුවෙන් අලුත් තීන්දුවක්!

Date:

එළඹෙන අලුත් අවුරුදු කාලය තුළ ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් රජය නව තීරණයක් ගෙන තිබෙන අතර ඒ අනුව එළඹෙන 13, 14 සහ 15 යන දිනයන්හි ඉන්ධන පිරවුම් හල් වෙතින් කෑන් සහ බූලි වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා තිබේ.

අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව සඳහන් කර තිබුණි.

මෙහිදී විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ නියැලී සිටින අයගේ කටයුතුවලට බාධා නොවන පරිදි එම කටයුත්ත සිදුවන බවයි එහිදී සභාපතිවරයා පැවසුවේ.

ඒ අනුව ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ නිලධාරී හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කිරීම මඟින් එම රථ වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමේ පහසුකම සලසා දී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

අනවශ්‍ය ලෙසත් නීති විරෝධී ලෙසත් ජනතාව ඉන්ධන රැස්කර තබා ගැනීම හේතුවෙන් මෙම තීරණයට රජය ලෙස එළඹ ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...