ඉන්දීය විදේශ ඇමති හා හිටපු ජනපති හමුවෙයි!

කොළඹ LNW:නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ජාවක නිරත විය.

සිය ධූරකාලයක තුළදී ඉන්දියාව සමඟ පැවති ශක්තිමත් සබඳතාවය නව රජය එලෙසම ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බව එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර තිබේ.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ, හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙම හමුව කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසේදී පැවැත්විණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු ගිණුම්, වාහන ලියාපදිංචිය සහ ඉඩම් ගනුදෙනු සඳහා TIN අංකය අනිවාර්ය කිරීමට පියවර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව...

ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලංකා මිනරල් සෑන්ඩ්ස්...

තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙරට වනාන්තර පද්ධතිය මතු පරපුරට රක්ෂිත කර...

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 27 වැනි...