ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක නොකරන බවට ඊශ්‍රායලය කිසිදු සහතිකයක් ලබා දී නොමැති බව ඇමරිකාව කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය බදාදා (02) හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා සහ IRGC අණදෙන නිලධාරි අබ්බාස් නිල්ෆෝරූෂාන් මෙන්ම මේ වසර මුලදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාරයක් වශයෙන් ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් ඉරානය බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක නොකරන බවට කිසිදු සහතික වීමක් සිදුකර නොමැති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මෙම සතිය මුලදී ඉරානයේ මිසයිල ප්‍රහාරයට ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජනපද නිලධාරීන් සහය පළ කර ඇති අතර ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් කරන ලද ප්‍රහාරවලට ඇමරිකාව සහය නොදක්වන බවයි.

පසුගියදා කලාපීය යුද්ධයක් අවුළුවන ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඉරානය, කටාර් රාජ්‍යය හරහා ඇමරිකා එක්සත් ජනපදය දැනුවත් කර තිබු අතර ඒ වෙනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, ඉරානය විසින් ඊශ්‍රායල් භූමියට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බවයි.

ඊශ්‍රායලයේ ප්‍රතිචාරය තීරණය කරන්නේ කවදාද යන්න පිළිබඳව තවම නිශ්චිත අදහසක් නොමැති අතර බොහෝ දෙනා විශ්වාස කරන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය ඉල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...