මහින්ද යාපා දේශපාලනයෙන් සමුගනියි!

කොළඹ LNW:හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන එළැඹෙන මහමැතිවරණය සදහා තරඟ නොවදින බව ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ දේශපාලන දිවියට මේ වනවිට වසර 43ක් සපිරෙන අතර ඔහු අවසන් වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ව කටයුතු කරන ලදී.

කෙසේවෙතත් පසුගිය කාලය තුළ කථානායක ලෙස කටයුතු කිරීමේදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් විවිඑචන එල්ල වුණු අතර අබේවර්ධන මහතා දැන් පවසන්නේ වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් තමන් දැඩිව කළකිරීමට පත්ව සිටින බවයි.

අවසන් වුණු ජනාධිපතිවරණ ජන්ද විමසීමෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පරාජිත කණ්ඩයම් දේශපාලනිකව පසුබෑමක් පෙන්නුම් කරමින් සිටින අතර හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද පවසා තිබුණේ තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...