මහ මැතිවරණයට මොකද කරන්නේ? සිලින්ඩර පාර්ශවයෙන් දිගින් දිගටම සාකච්ජා!

කොළඹ LNW:ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය තවදුරටත් සාකච්ජා කරමින් තිබෙන අතර ඊයේ (04) දිනයේදීත් විශේෂ සාකච්ජාවක් කොළඹ 07 මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක කාර්යාලයේදී සිදුකෙරුණි.

එජාප කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක්ව සිටින කණ්ඩායමේ කිහිප දෙනෙක්ද ඊට එක්ව සිටි අතර එම රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසුවේ මේ වන විට මහ මැතිවරණය සඳහා නාමයෝජනා සකස් කරමින් සිටින බවයි.

මැතිවරණයට ද පුළුල් සන්ධානයකින් තරඟ වැදීමට බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.

විශේෂයෙන් සමඟි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ජා බිඳ වැටීම නිසා මේ වන විට දෙපාර්ශවයම මහ මැතිවරණය ජන්ද ව්‍යාපාරය පවත්වා ගෙන යාම සම්බන්ධ අර්බුදයකට ලක්ව සිටින බවද සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සන්ධාන ගත වීම වෙනුවෙන් සාකච්ජා පවට්ව්හමින් සිටින අතර ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දෙන මව්බිම ජනතා පක්ෂයද පිරිස ඒකරාශී කරගැනීම ආරම්භ කර තිබෙන බව දක්නට ලැබෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...