මහ මැතිවරණයට මොකද කරන්නේ? සිලින්ඩර පාර්ශවයෙන් දිගින් දිගටම සාකච්ජා!

Date:

කොළඹ LNW:ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය තවදුරටත් සාකච්ජා කරමින් තිබෙන අතර ඊයේ (04) දිනයේදීත් විශේෂ සාකච්ජාවක් කොළඹ 07 මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක කාර්යාලයේදී සිදුකෙරුණි.

එජාප කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක්ව සිටින කණ්ඩායමේ කිහිප දෙනෙක්ද ඊට එක්ව සිටි අතර එම රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසුවේ මේ වන විට මහ මැතිවරණය සඳහා නාමයෝජනා සකස් කරමින් සිටින බවයි.

මැතිවරණයට ද පුළුල් සන්ධානයකින් තරඟ වැදීමට බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.

විශේෂයෙන් සමඟි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ජා බිඳ වැටීම නිසා මේ වන විට දෙපාර්ශවයම මහ මැතිවරණය ජන්ද ව්‍යාපාරය පවත්වා ගෙන යාම සම්බන්ධ අර්බුදයකට ලක්ව සිටින බවද සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සන්ධාන ගත වීම වෙනුවෙන් සාකච්ජා පවට්ව්හමින් සිටින අතර ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දෙන මව්බිම ජනතා පක්ෂයද පිරිස ඒකරාශී කරගැනීම ආරම්භ කර තිබෙන බව දක්නට ලැබෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...