හිටපු අගමැති දිනේෂ් යළි පොහොට්ටුවට එකතු වෙයිද?

Date:

කොළඹ LNW: හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අතර සාකච්ජාවක් පවත්වා තිබේ.

ඉදිරි මහ මැතිවරණය ඇතුළු පවත්නා දේශපාලන තත්ත්වයන් මත ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන එම සාකච්ජාවේදී අවධානයට යොමුකර ඇති බව සඳහන්.

දිනේෂ් ගුණවර්ධන මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටි නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ඇතුළු පොහොට්ටුවේ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ලදී.

“පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් එම කණ්ඩායම කටයුතු කරන ලදී.

කෙසේවෙතත් අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයත් සමඟ සාම්ප්‍රදායික දේශපාලන පිටිය කැළඹීමකට ලක්ව තිබෙන අතර ඔවුන් දැන් විපක්ෂය ලෙස මහ මැතිවරණයට මුහුණ දීමද ප්‍රශ්නකාරී තත්ත්වයන් මතු කරමින් තිබේ.

ඒ අතර තුර බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන යන හිටපු පාර්ලිමේන්තු නියෝජිතයින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවටද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

ඉදිරි දිනවලදී එම ලැයිස්තුවට තව පිරිස් එකතු වීමද සිදුවනු ඇත.

මේ අතර දිනේෂ් ගුණවර්ධන මහතා සහ දේශ විමුක්ති පක්ෂය හා මුස්ලිම් වාමාංශික පෙරමුණ ද ඉදිරි දේශපාලන තීරණ ගැන සාකච්ජා කර තිබේ.

ඊට දේශ විමුක්ති පක්ෂයේ නායක ඩී කලන්සූරිය හා මුස්‌ලිම වාමාංශික පෙරමුණේ නායක එම්.අයි එම්.ෆයිසාල් යන අය එක්ව ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...