මෙරටට පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ස්වීඩනයේ සහය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ (LNW):

අප රට තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය කෙරෙහි ස්වීඩනයේ අවධානය යොමුව තිබෙන අතර, ශ්‍රී ලාංකික සිසුන්ට එරට පවතින අධ්‍යාපන අවස්ථා සහ වීසා ගැටලු විසඳීමටත් ස්වීඩන් රජය අවදානය යොමුකළ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවු අවස්ථාවේදී වන අතර මේ බව ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍යවරියට මෙහිදි ස්වීඩන් රජයේ සුබපැතුම්ද එක් කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ස්වීඩනයේ අවදානය යොමුව තිබෙන විශේෂයෙන් ළමා පෝෂණය පිළිබඳ ගැටලුව අග්‍රාමාත්‍යවරිය ස්වීඩන් තාපාතිවරයාගේ අවදානයට යොමුකර ඇති අතර, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන ගිය ද පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු තවමත් පවතින බව මෙහිදී ප්‍රකාශ කෙරුණු බව සඳහන් වේ.