ඉන්දීය හමුදාව හා මාඕවාදී කැරලිකරුවන් අතර ප්‍රබල ගැටුම්; 31 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ චත්තිස්ගාර් හි නාරායන්පූර් සහ දන්තේවාඩා දිස්ත්‍රික්ක අතර මායිමේ පිහිටි අබුජ්මාඩ් වනාන්තරයේ ඉන්දීය හමුදාව හා මාඕවාදී කැරලිකරුවන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී මාඕවාදී කැරලිකරුවන් යැයි සැක කෙරෙන 31 දෙනෙකුවත් මිය ගොස් ඇති බව ප්‍රාන්ත පොලිසිය නිවේදනය කර තිබේ.

බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ ඉන්දීය හමුදා පැය නවයක වෙඩි තැබීමකින් අනතුරුව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇති අතර ස්වයංක්‍රීය රයිෆල් ඇතුළු ආයුධ කිහිපයක් සොයාගෙන තිබේ.

ඉන්දියානු හමුදා 1967 සිට නැක්සලයිට්වරුන් ලෙස හඳුන්වන මාඕවාදී කැරලිකරුවන් සමඟ දිගුකාලීන ගැටුමක නිරතව සිටින අතර මෙම සන්නද්ධ නැගිටීම ආරම්භ වූයේ රටේ දුප්පත් ආදිවාසී ප්‍රජාවන් සඳහා රැකියා, ඉඩම් සහ ස්වභාවික සම්පත්වලින් ධනයෙන් වැඩි කොටසක් ඉල්ලා සිටින ව්‍යාපාරයක් වශයෙනි.

ඉන් අනතුරුව චීන විප්ලවවාදී නායක මාඕ සේතුං අනුව යමින් කැරලිකරුවන් මධ්‍යම සහ උතුරු ප්‍රාන්ත කිහිපයක් පුරා ක්‍රියාකාරී වී ඇත. වසර ගණනාවක් පුරා, කැරැල්ලට එරෙහිව සටන් කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ඉන්දියාව දුරස්ථ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මේවන විට ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...