සිලින්ඩරයින් දිස්ත්‍රික්ක කිහිපයකට අලියා ලකුණිනුත් එන්න සාකච්ඡා. නාමයෝජනා මණ්ඩලත් රැස්වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙවර මහමැතිවරණයේදී ප්‍රධාන වශයෙන් ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වැදීමටත් දිස්ත්‍රික්ක කිහිපයකදී අලියා ලකුණින් තරග වැදීමටත් සාකච්ඡා පැවැත්වෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

“එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් සමග සාකච්ඡා කරමින් නාමයෝජනා මණ්ඩල රැස්වෙමින් තිබෙනවා. මේ සතිය මැද වනවිට එහි සියලු කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අවසාන එකඟතාවය සියලු දෙනා විශේෂයෙන් ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කරන්නත්, වන්නි ප්‍රදේශයට අලියා ලකුණ යටතේ තරග කරන්නත්, නුවර එළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණ යටතේ තරග කිරීමටත් සාකච්ඡා වෙමින් තිබෙනවා. එය අවසන් වීමට නියමිතව තිබෙනවා”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...