හොරුන් මේ ගත කරන්නේ අවසන් පැය කිහිපය වෙන්න පුළුවන්. ඉවසිල්ලෙන් බලන් ඉන්න – වසන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

හොරු ඇල්ලීම සඳහා ආණ්ඩු බලයක් තමන්ට ලැබී ඇති බැවින් වළං කඩේට පැන්න ගොනා මෙන් ඇනගෙන ඇනගෙන යාමට වුවමනාවක් තමන්ට නොමැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

“හොරු දෙගොල්ල එකට එකතුවෙලා ඡන්දය ඉල්ලුවා ජනාධිපතිවරණයේදී. ඒ හොරු තමයි අද අපෙන් අහන්නෙ කෝ අපි ඇල්ලුවාද කියලා. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ කියනවා මම බැංකුවෙ කැඩුවෙ නෑ කියලා. නාමල් රාජපක්ෂ අහනවා පිටරට තියෙන සල්ලි ගේනවද කියලා. චුට්ට දවසක් තව ඉවසිල්ලෙන් බලන් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහබැංකුව කැඩුවෙ නැද්ද කියලා අපි පෙන්වන්නම්. ඒ වගේම නාමල් රාජපක්ෂලා මේ රටේ මහජන ධනය හොරාකාපුවා පිටරටවලද දාලා තියෙන්නෙ, ලංකාවෙද දාලා තියෙන්නෙ, ඉඩම්වලද දාලා තියෙන්නෙ, කොටස් වෙළඳපොලේද දාලා තියෙන්නෙ කියලා පෙන්වන්නම්. මේ පොහොට්ටුවෙත් යූඑන්පී එකෙත් සජබෙත් හොරුන්ට ඔට්ටු සෙල්ලම අවසන් කරන වැඩේ මාලිමාව කරනවා. හොරුන්ට මේ ගත කරන්නේ අවසාන පැය කිහිපය වෙන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවක් හදලා තියෙද්දී වළං කඩේට පැන්න ගොනා වගේ ඇනගෙන යන්න ඕනෙ නෑ අපට. ඒ නිසා ඕගොල්ලො කලබල නොවී බලන් ඉන්න”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...