කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී මොර ඔයෙන් එගොඩවීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගැමුණුපුර, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග පෙරේදා (04) සවස මොර ඔයෙන් එගොඩ වී රංජිත් මංකඩ ප්‍රදේශයේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර නිවසේ තිබූ මස් රැගෙන ඒම සඳහා නැවත ඔයෙන් මෙගොඩ වීමට යාමේදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.

ඔහුගේ මෘත දේහයේ කොටසක් කිඹුලා විසින් කා දමා ඇතැයි දැකගැනීමට ලැබුණු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...