සිස්ටම් ඕවර්ඩෝස් යාම ….

Date:

ලංකාවේ කළ යුතුව පවතින රැඩිකල් ප්‍රතිසංස්කරණ වලින් එකක් තමා පුරවැසියාගේ උප්පැන්න සහතිකේ තියෙන නමට පිටිපස්සෙන් එල්ලලා තියෙන පෙලපත් නාමය ඉවත් කිරීම…

කසාදයක් කරගන්ට ගියත් කකුලෙ ගැටගහපු ගල්ගෙඩියක් වගේ පස්සෙන් එන කුළවාදයෙන් පීඩා විඳින ජනකොටසක් ලංකාවේ තාම ඉන්නවා.. ඉහත ප්‍රතිසංස්කරණය කලොත් ඒ ජනපිරිස තවතවත් රටේ සමාන පුරවැසියන් බවට පත්වෙනවා..

හැබැයි එතනදී අධිපති චිරාගත සම්ප්‍රදායන් අර්බූදයට යනවා..

දියවඩ නිලමෙලා,බස්නායක නිලමෙලා තෝරගන්ට උභය කුල පාරිශුද්ධත්වය හොයන සම්ප්‍රදායන් අර්බූධයට යනවා. ප්‍රභූ නිකායන්ට කුල දරුවො හොයන සම්ප්‍රදායන්ට ඒක බලපානවා…

මේ ප්‍රභූකොටසේ බලපෑම නිසා එහෙම ප්‍රතිසංස්කරණ කරන්ට පුළුවන් සිස්ටම් එකට පිටින් අලුතෙන් එන පාලකයෙකුට විතරයි..

නමුත් කරුමෙට වගේ බොහෝවිට වෙන්නෙ ඒ දේ නෙවේ.. අලුතෙන් එන කෙනා බලන්නේ තමන්ට ආධුනික සිස්ටම් එක ඇතුලේ වඩවඩාත් තහවුරු වීමේ අදහසින් හිටිය අයටත් වඩා හොඳට පැන පැන සම්ප්‍රදාය රකින්ට යන එක..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...