ශ්‍රීලනිපයේ ස්වාධීන වූ තවත් හිටපු ඇමතිවරයෙක් යළි ආණ්ඩුවට එක්වෙයි … !

Date:

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන ලෙස කටයුතු කරන බව නිවේදනය කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකු යළි ඇමති තනතුරක් භාරගනිමින් ආණ්ඩුවට එක්ව තිබේ.

ඒ, පියංකර ජයරත්න මහතා ය.

පියංකර ජයරත්න මහතා පසුගිය 04 වනදා විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබිණි.

කෙසේවෙතත් ඊයේ (11) සවස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකච්ඡා කර ඇති ජයරත්න මහතා දිගටම එම ඇමති ධුරයෙහි කටයුතු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව ඒ මහතා පසුගිය සතියේ එවූ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව පසුගිය සතියේ නිවේදනය කළත් මේ වනවිටම ඔවුන් අතරින් දෙදෙනෙකු යළිත් ආණ්ඩුවට එකතු වී තිබේ. ඒ, පියංකර ජයරත්න මහතා සහ ඊයේ දිනයේදීම රාජ්‍ය අමාත්‍ය තනතුරක් ලබාගත් ශාන්ත බණ්ඩාර මහතා ය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරුන් 41 කණ්ඩායමෙන් ඊයේ දිනය තුළම දෙදෙනෙකු හැළී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...