ශ්‍රීලනිපයේ ස්වාධීන වූ තවත් හිටපු ඇමතිවරයෙක් යළි ආණ්ඩුවට එක්වෙයි … !

Date:

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන ලෙස කටයුතු කරන බව නිවේදනය කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකු යළි ඇමති තනතුරක් භාරගනිමින් ආණ්ඩුවට එක්ව තිබේ.

ඒ, පියංකර ජයරත්න මහතා ය.

පියංකර ජයරත්න මහතා පසුගිය 04 වනදා විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබිණි.

කෙසේවෙතත් ඊයේ (11) සවස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකච්ඡා කර ඇති ජයරත්න මහතා දිගටම එම ඇමති ධුරයෙහි කටයුතු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව ඒ මහතා පසුගිය සතියේ එවූ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව පසුගිය සතියේ නිවේදනය කළත් මේ වනවිටම ඔවුන් අතරින් දෙදෙනෙකු යළිත් ආණ්ඩුවට එකතු වී තිබේ. ඒ, පියංකර ජයරත්න මහතා සහ ඊයේ දිනයේදීම රාජ්‍ය අමාත්‍ය තනතුරක් ලබාගත් ශාන්ත බණ්ඩාර මහතා ය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරුන් 41 කණ්ඩායමෙන් ඊයේ දිනය තුළම දෙදෙනෙකු හැළී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...