සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්යයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරන අතර, මහ මැතිවරණය සදහා නාමයෝජන භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම්වල සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීවරයා වෙත භාරදිය යුතුයි.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ, නාමයෝජනා පත්‍ර සමග එය භාරදිය හැකි බවයි.

මේ අතර මහ මැතිවරණයේ දී එම කාර්යයන් සදහා පත්කරන නිලධාරීන්  මැතිවරණ කටයුතු සදහා පත්කිරීමට ඉඩ ඇති රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත නිලධාරීන්,  සේවකයින් තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන අතර, තැපැල් ඡන්ද ඉල්ලුම් නොකිරීම හෝ අඩුපාඩු මත ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරිවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බව ඒ මහතා සදහන් වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකරන ලෙස තැපැල් ඡන්ද ඉල්ලුම් කරන පිරිසගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරන අතර, මහ මැතිවරණය ද සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවුවහොත් ජාත්‍යන්තර නිරීක්ෂකයින් යෙදවීමේ අවශ්‍යතාවක් ඇති නොවන බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන තානාපති අද රනිල් හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා (Qi...

බ්‍රසීලයේ හිටපු ජනපති බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හමුදා කුමන්ත්‍රණයක්...

ධම්මිකගේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් සමාජ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට යමින් 167 වැනි ශාඛාව තෙල්දෙණියට

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස...

අර්ධ අවසන් තරග හතක ශ්‍රි ලංකා නියෝජනය – චන්ද්‍රිකා හතෙන් තුනකම

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 12, කොළඹ LNW: තායිලන්තයේ පතායා හී පැවත්වෙන...