ආසියානු සංවර්ධන බැංකුවෙන් පොරොන්දුවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

මෙරට සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.

අද (07) පෙරවරුවේ ,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙතෙක් සිදු කරගෙන යන සියලු ගිවිසුම් ඒ ලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය ආධාර ලබාදීමට කැමැත්ත පල කර ඇත.

ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙන අතර, උතුරේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව
සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා මෙහිදී එකඟතාව පළ කළේය.

එසේම ශ්‍රී ලංකාවේ බලශක්තිය හා සුළු පරිමාණ ව්‍යවසායකයන් දියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමටත්, මූල්‍ය ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා මූල්‍යාධාර ලබාදීමටත් ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් කැමැත්ත පළ කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී චොල්පොන් මැම්බෙටෝවා (Cholpon Mambetova) , මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඒ.පී. අබේසේකර, අධ්‍යක්ෂ උදේනි උඩුගහපත්තුව, ජ්‍යෙෂ්ඨ ආර්ථික නිලධාරීන් වන හසිතා වික්‍රමසිංහ සහ ලක්ෂිණී ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපහසු තරගය පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකාව පහසු තරගය අපහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ශ්‍රී ලංකාව දුෂ්කර අවස්ථාවලට මුහුණ දීමට...

ගෝලීය උණුසුම 3C ඉක්මවා ගියහොත් සිඩ්නි හි තාපය ආශ්‍රිත මරණ 444% කින් ඉහළ යනු ඇති බව ජාතික දේශගුණික අවදානම් තක්සේරුව වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව මුහුණ...

හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි!

කොළඹ LNW: කොළඹ විජේරාම නිල නිවසින් ඉවත්ව කාල්ටන් නිවසට...

මම පොඩි කාලෙ ඉඳන් බිස්නස් කළා. ඔය කෝටි 27.5ක වත්කම් මගේ අවුරුදු 28ක මහන්සිය – ඇමති වසන්ත සමරසිංහ

තමන්ගේ වත්කම් - බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල්...