තාමත් 225ට එකතුවෙන්න බැරිවෙලා. මෙහෙම ගියොත් කාටවත් රටක් ඉතුරු වෙන්නෙ නෑ – ගම්මන්පිල

Date:

තමන් මුහුණ දෙන පීඩනය පිළිබඳ පාලකයින්ට දැනුම්දීම සඳහා රටේ ජනතාව එකමුතුව උද්ඝෝෂණයෙහි නියැළෙන නමුත් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට තවමත් මේ ප්‍රශ්නවලට පිළිතුරුදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම අවාසනාවන්ත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

“මේ මොහොතේ මේ රටේ ජනතාව ජාතික කොඩිය යටතේ එකතුවෙලා තමන් මුහුණ දීලා ඉන්න පීඩනය රටේ නායකයින්ට දේශපාලකයින්ට කියන්න සමගියෙන් එකට එකතුවෙලා තියෙනවා. නමුත් අවාසනාවකට තවමත් පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට බැරිවුණා සමගිවෙලා මේ ජනතාව මුහුණ දෙනවායි කියලා ජනතාව කියන පීඩනයට උත්තරයක් දෙන්න. මේ යන ගමන මේ විදියට ගියොත් අපි කාටවත් ජීවත් වෙන්නවත් රටක් ඉතිරි වෙන්නෙ නෑ. අපේ මේ යෝජනාවලියේ තියෙන වැදගත්ම යෝජනාව තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන, මේ වැඩේට දායකවෙන සියලුම පක්ෂ නායකයින්ගෙන් සමන්විත කමිටුවකින් තමයි ආණ්ඩුව වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගනිමින් ආණ්ඩුවට උපදෙස් දෙන්නෙ. දෙවනුව නව අගමැතිවරයෙක් සහ සීමිත ඇමති මණ්ඩලයක් පත්කිරීම. ඒ වගේම අපි මේ පත්කරන සීමිත ඇමති මණ්ඩලයට ඒ අදාළ විෂය පිළිබඳ උපදෙස් දෙන්න සෑම අමාත්‍යාංශයක් සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කරන්නත් අපි යෝජනා කරලා තියෙනවා. කඩා බිඳවැටිලා තියෙන විදුලිය සැපයුම, ඉන්ධන සැපයුම, අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, ගෘහස්ථ ගෑස්, පොහොර ඇතුළු කෘෂිකාර්මික යෙදවුම්, කාර්මික යෙදවුම් කියන මේ හත් වර්ගය අඛණ්ඩ ප්‍රමාණවත් සැපයුමක් ලබාදිය හැකි මට්ටමට හරි රටේ ආර්ථිකය නංවාලීම තමයි මේ යෝජනාවලියේ ප්‍රධාන ඉලක්කය බවට පත්වෙලා තියෙන්නෙ”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය