රනිත්මාට අද දවසේ ජයග්‍රහණ දෙකක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 07, (LNW) කොළඹ :

ලෝක කණිස්ඨ බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික බැඩිමින්ටන් සූරිය රනිත්මා ලියනගේ අද දවස ඇතුළත සහභාගි වූ තරග දෙකකින්ම ජය ගන්නට සමත් වුණා.රනිත්මා මිශ්‍ර යුගල තරග සඳහා සෙනුක් සමරරත්න සමඟ එක්ව තරග කරමින් එංගලන්තයේ ජයා බින් ලී සහ මැටිල්ඩා ෆ්‍රෑන්ක්ලීන් පරාජය කරන්නට සමත් වුණා.වට 2-0 ක් ලෙස නිමා වූ එම තරගයේ දී ලකුණු තත්ත්වය දැක් වුණේ 21-13 සහ 23-21 ලෙසයි.

ඇය කේවල තරගයේ දී ප්‍රබල අභියෝගයකට මුහුණ දුන්නේ ලෝකයේ ඉහළම බැඩිමින්ටන් ක්‍රීඩා තාක්ෂණයක් ඇති රටක් වන ඉන්දියාවේ වෙන්නලා කලගොට්ලා ඇයගේ ප්‍රතිවාදිනිය වූ නිසයි.රනිත්ම දියුණු සහ තියුණු තරගයකින් පසුව එම තරගය 16-21,21-12 සහ 21-15 ක් ලෙස වට 2-1 ක් වූ ජයග්‍රහණයකින් නිමා කරන්නට සමත් වුණා.එම ජයග්‍රහණයෙන් ඉනික්බිති කේවල තරග අංශයේ දී රනිත්මාට හමුවීමට නියමිතව ඇත්තේ ඇමෙරිකානු ක්‍රීඩිකා වෙරොනිකා යන්ග් ය.

තවත් මිශ්‍ර යුගල තරගයකදී අසර්බයිජානය නියෝජනය කළ අමිර්ඛාන් ඉමනොව් සහ යග්මුර් ගුලියේවා පරාජය කරන්නට ශ්‍රී ලංකාවේ පසිඳු මුතුතන්ත්‍රිෙග් සහ සහ ඉසුරි අත්තනායක සමත් වුණා.එහිදී නට 2-0 ක් ජයක් වාර්තා කරන්නට ලාංකේය ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හැකි වුණ අතර ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 21-6 ක් සහ 21 -11 ක් ලෙසයි.මේ අතර මිශ්‍ර යුගල කාණ්ඩායෙන් ශ්‍රී ලංකාව ලද එකම පරාජයට හිමිකම් කීවේ සංජුල හදපාන්ගොඩගේ සහ සිතුම්ලි සිල්වා යි.ඔවුන් දෙදෙනා ඉන්දීය මිශ්‍ර යුගලයක් වන බව්යා චාබ්රා සහ ටාරිනි සූරි අකින් ලකුණු 21 -11 සහ 21 – 6 ලසෙ පරාජයට පත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...