(PHOTOS):පලස්තීනයට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණයට වසරක් – උතුරු දකුණු සහෝදරත්වයෙන් විරෝධතාවක්!

Date:

කොළඹ LNW:ඊශ්‍රායලය විසින් පලස්තීන ජන සංහාරය ආරම්භ කර අදට (07) වසරක් සම්පූර්ණ වෙයි.

මෙම මානුෂීය ඛේදවාචකය එරෙහිව ”ගාසා තීරයේ – ඊශ්‍රායල් ආක්‍රමණයට එරෙහිව නැගී සිටිමු” යන මන් උතුරු දකුණු සහෝදරත්වය විසින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

පලස්තීනයේ නිදහස් තහවුරු කරමින් එම ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව දැන් හෝ ක්‍රියාත්මක විය යුතු බවටයි විරෝධයට එක්වූවන් අවධාරණය කළේ.

මෙම ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 42,000කට වැඩි පිරිසක් ඝාතනය වී තිබෙන අත‍ර ඉන් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් හා ළමුන්ය.

මේ අතර තවත් 96,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

මෙම වකවානුවේ දරුණුතම මානුෂීය ඛේදවාචකය ලෙස මෙම ඊශ්‍රායල – පලස්තීන ගැටුම හදුන්වා දෙයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය...

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍ය රාජිතට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) කොළඹ...