IMF නියෝජිත හමුවේදී ඇත්තටම මොකක්ද වුණේ? මෙන්න කැබිනට් ප්‍රකාශකගේ පැහැදිලි කිරීම

Date:

කොළඹ LNW: පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාව සංකල්පීය මට්ටමේ සාකච්ජාවක් පමණක් වූ අතර එහිදී ව්‍යුහාත්මක වෙනස්කම ගැන සාකච්ජා නොවුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

ඒ, අද (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

නර රජය ලෙස ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සාකච්ජා කළ නමුත් ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ සාකච්ජා වන්නේ නිලධාරී මට්ටමේ සාකච්ජාවේදී බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව එම සාකච්ජාව මෙම මස අගභාගයේදී පැවැත්වීමට නියමිත අතර ඊට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් මෙන්ම ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ද සම්බන්ධ වන බව විජිත හේරත් මහතා කියාසිටියේය.

එම සාකච්ජාවේදී අවශ්‍ය හරයාත්මක වෙනස්කම් ගැන සාකච්ජා කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේවෙතත් ජනතාව පීඩාවට පත්ව තිබෙන ඇතැම් බදු වැඩිකිරීම් ගැන ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පවසා තිබෙන අතර ඉදිරියේදී අදාළ වෙනස්කම් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...