මහනුවර දිස්ත්‍රිකයේ පළමු නාම යෝජනාව ජන සෙත පෙරමුණින්.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ඔක්තෝබර් 08, (LNW)මහනුවර; මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු නාම යෝජනාව ජන සෙත පෙරමුණ අද (08) පෙරවරුවේ භාර දුන්නේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාර ගැනීම සිදුවන අතර තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ආචාර්ය සම්පත් ප්‍රනාන්දු මහතා හමුවේ ජන සෙත පෙරමුණු මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මොහොමඩ් නසාර් සහ සහ කණ්ඩායම් සාමාජික ප්‍රසාද් තුෂාර දිසානායක යන මහත්වරුන් සිය නාම යෝජනා භාර දෙන ලදි.

ප්‍රසාද් තුෂාර දිසානායක, මොහොමඩ් නසාර්, ප්‍රදීප් රණසිංහ, චමිල බණ්ඩාර ජයරත්න,එච්.පී.කුසුමාවති, රසිදා බේගම්, මොහොමඩ් කරීම්, දීපිකා ප්‍රියදර්ශනී, ශාමලී මධුවන්තී, ධනුෂ්ක දිනේෂ් ධර්මකීර්ති, ලක්ෂාන් රමේෂ් ඉද්දමල්ගොඩ, ප්‍රදීප් බස්නායක, මංජුල බණ්ඩාර අබේකෝන්, ගිමන්ති සංජීවනී, හරිස්චන්ද්‍ර ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් ජන සෙත පෙරමුණු මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමන්විතය.

ඉකුත් 04 වන දින ආරම්භ වූ නාම යෝජනා භාර ගැනීම මෙම මස 11 වන දින දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක වන බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...

යුරෝපා සංගමය රුසියානු වත්කම්වලින් යුරෝ බිලියන ගණනක් යුරේනයට ලබා දෙන ලකුණු

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසල්ස්...

රෝගීන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාමත ප්‍රංශයේ නිර්වින්දන වෛද්‍යවරයකු අත්අඩංගුවට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශකයකට...