ප්‍රතිචාර නොලැබුණාය කියලා හරි දේ නොකර ඉන්නේ නෑ – වාසුගේ අලුත්ම පිම්ම

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය පළ කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“ජනාධිපතිවරණ ප්‍රතිඵලය වාමාංශික මහා ජයග්‍රහණයක්. දැන් ඉතින් අතරමැදි පක්ෂවල හිඳීමෙන් වැඩක් නෑ, අපි ඔක්කොම එකට එකතුවෙලා එක රොත්තට මේ ලබාපු ජයග්‍රහණය පාර්ලිමේන්තු ඡන්දය තුළ තවත් ඉදිරියට ගෙන යා යුතුයි”

ප්‍රශ්නය – ඔබතුමාලා යම්කිසි ආකාරයක සාකච්ඡාවක නිරත වුණාද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ එම සන්ධානය සමග ?

“නෑ. සාකච්ඡාවක් තිබුණෙත් නෑ, අපට උත්තර තිබුණෙත් නෑ. නමුත් අපි ලියුම් යවලා තියෙනවා, අපි පණිවිඩ යවලා තියෙනවා. ඒ අයට තියෙන ගැටලුවක් අපට විසඳන්න බැරිවෙයි. ඒ අය කියනවා පක්ෂ එක්කලා සම්බන්ධතා නෑ, පුද්ගලයෝ අපි ගන්නවා මාලිමාවේ ජාතික ජන බලවේගයට කියලා. ඒක තමයි ඒගොල්ලොන්ගෙ ස්ථාවරය. අපේ ස්ථාවරය පක්ෂයක් හැටියට තමයි අපි කුමන එකඟතාවකට ආවත් එන්නෙ. ඉතින් අපි ඒ යෝජනාව කළා, නමුත් අපට ඒකට ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. නොලැබුණාය කියලා හරි දේ නොකර ඉන්නෙත් නෑ. හරි දේ තමයි අද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආරක්ෂා කිරීම”

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...