තවත් සමාගමක් කොළඹ කොටස් වෙළඳපොලෙන් නිල වශයෙන් ඉවත් වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ UNISYST ENGINEERING PLC සමාගමේ කොටස්, ඊයේ (08) සිට නිල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළෙ ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේනුක විජයවර්ධන විසින් දැනුම් දී තිබේ.

හේලීස් සමූහයට අයත් සමාගමක් වන මෙය ඇලුමිනියම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදුකළ සමාගමකි.

2023 ජූලි 19 දින සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් UNISYST ENGINEERING PLC කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ තීරණය ගෙන තිබූ අතර එහිදී සමාගමේ විශාලතම කොටස් හිමියා වූ හේලීස් සමූහයේම තවත් අනුබද්ධිත සමාගමක් වන ADVANTIS PROJECTS & ENGINEERING (PVT) LTD විසින් සෙසු කොටස් හිමියන්ගේ කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීමට එකඟතාව පළ කර තිබුණි.

ඒ වන විට UNISYST ENGINEERING PLC හි 65.14% ක කොටස් හිමිකාරීත්වයක් ADVANTIS PROJECTS & ENGINEERING (PVT) LTD සතුව පැවති අතර සෙසු කොටස් නැවත මිල දී ගැනීමෙන් අනතුරුව 2024 ජූනි 30 වන විට එම ප්‍රමාණය 94.26% ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...