වැසි තත්වයේ තරමක වෙනසක් – අද (09) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (09) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය : අමතර බිලියන සිය ගණන හොයාගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ...

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් 23 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...