කොළඹ LNW:ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව නිෂ්පාදනය කෙරෙන චිත්‍රපටියක් සඳහා රූගත කිරීම් පරිශ්‍රයක් ලෙස ඇල්ල දුම්රිය මාර්ගය ලබා දීමට තීරණය කිරීම නිසා මේ වන විට ඒ සම්බන්ධයෙන් සමාජය තුළ කතා බහක් ඇතිව තිබේ.
චිත්‍රපටියේ රුගත කිරීම් හේතුවෙන් දින 06ක පමණ කාලයක් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා කොටස දුම්රිය ධාවනය නොකිරීමට ගෙන ඇති තීරණයයි එම සංවාදයට හේතු වී ඇත්තේ.
කෙසේවෙතත් එම තීරණයෙන් මගී ප්‍රවාහන සේවයට බාධාවක් නොවන අතර ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ප්‍රවාහන කටයුතු සඳහා එම කාලය තුළ බස් රථ යොදවන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන එන්.ජේ. ඉඳිපොලගේ මහතා පවසන්නේ.
එම චිත්‍රපටිය එෛතිහාසික වැඩසටහනක් නිසා ඒ වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සහය දී ඇති බවත් මෙම ව්‍යාපෘතිය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ලාභයක් ලැබෙන බවත් ඔහු කියාසිටියි.
ඒ අනුව උක්ත චිත්‍රපටියේ රූගත කිරීම් සඳහා අද (09) සිට එළඹෙන 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා කොටස තාවකාලිකව දුමරිය ගමනාගමනය අත්හිටුවා තිබේ.
ආශිකා බ්‍රාහ්මණ