වීසා නොමැතිව සිටි චීන ජාතිකයන් 20ක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

වීසා නොමැතිව මෙරට රැදී සිටි චීන ජාතිකයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන අතර, සැකකරුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදී බව පැවසේ.

ලැප්ටොප් 05 ක් ජංගම දුරකතන 437 ක් , තරාදියක් , යූඑස්බී කේබල් 332 ක්, ජංගම දුරකත චාජර් 133 ක්, රවුටර් 17ක්  සහ අයිෆොන් 02 ක් සොයා ගැනුණු අතර, මාසිකව රුපියල් ලක්ෂ 20 ක කුලී පදනම මත මොවුන් මෙම හෝටලයේ රැඳී සිට ඇති බව, විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් වේ. සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ. මොවුන් මූල්‍ය අපරාධ සිදු කළේ ද යන්න විමර්ශන  ක්‍රියාත්මතක බවද සඳහන් වේ.

සංචාරක විසා මත මෙරටට පැමිණ සිටි චීන ජාතිකයින් විශාල ප්‍රමාණයක් පසුගිය මාස කිහිපයේ අත්අඩංගුවට පත්විය.

එම චීන ජාතිකයින් මෙරටට පැමිණ ඇත්තේ පරිගණක ආශ්‍රිත Offshore Gaming රැකියාවන් සඳහා පැමිණි බව වාර්තා වේ. Offshore Gaming Industry හරහා ශ්‍රී ලංකාවට සැලකිය යුතු ආර්ථික අවස්ථාවක් ඉදිරිපත් කරන අතර වසරකට ඩොලර් බිලියන 6 ක ඇස්තමේන්තුගත ආදායමක් ඇති අතර,
දැනට රට තුළ කර්මාන්තය සඳහා නිශ්චිත නියාමන රාමුවක් නොමැති අතර, මෙම අවස්ථාව උපයෝගී කර ගැනීම සඳහා පුළුල් නීතිමය සහ නියාමන පරිසරයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වන බව පැහැදිලිය.


ඵලදායී රෙගුලාසි ක්‍රියාවට නැංවීමෙන්, සිදුවිය හැකි ඍණාත්මක බලපෑම්වලට විසඳුම් සෙවීමෙන් සහ නීතිවිරෝධී මෙහෙයුම් මැඩලීමෙන්, ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල Offshore Gaming ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට, රැකියා උත්පාදනය කිරීමට, ආදායම් උත්පාදනය කිරීමට සහ එහි ආර්ථිකය නංවාලීමට හැකිය. නීත්‍යානුකූල රාමුවක් නොවීම හේතුවෙන් පොලිසිය, ආගමන හා බදු වැනි රජයේ අධිකාරීන් Offshore ක්‍රීඩා සහ මාර්ගගත වංචා සමඟ ව්‍යාකූල වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...