අරගලයෙන් කුඩුවෙන ආර්ථිකය

Date:

මේ වන විට රට තුළ ප්‍රධාන අර්බුද තුනක් පවතී. පළමු අර්බුදය ඩොලර් හිඟකමය. ඩොලර් උපයනු වෙනුවට ඒවා අහිමි කරගන්නා තැනකට අප තල්ලු වී තිබේ. දෙවන අර්බුදය දේශපාලන අවුලය. පාර්ලිමේන්තුව තුළ අර්බුදය සම්බන්ධයෙන් සංවාදයක් පැවැති මුත් එය සාර්ථක ප්‍රතිඵලයක් දුන්නේ නැත. සුපුරුදු මඩ ප්‍රහාර සහිත සංවාදයක් දක්නට ලැබුණු අතර, වැදගත් යෝජනාවක් ඉදිරිපත් වූයේ කලාතුරකින්ය. එබඳු යෝජනාවලට ද බාධා කිරීම් සිදු විය. දින තුනක් තිස්සේ පැවති සංවාදය ප්‍රතිඵලයකින් තොරව නිමාවට පත් විය. අවුල එතැනමය. තෙවන අර්බුදය මහජනයා පාරට බැසීමය. එහිදී කෙළවරක් දකින්නට නැත. විරෝධතා හා පෙළපාළි ඉබාගාතේ යන බවක් දැක ගත හැකිය. මේ වන විට විරෝධතා පවතින්නේ රටට විශාල පාඩුවක් ඇති කරන හැටියටය.

ඩොලර් එකින් එක උපයා ගත යුතු කාලසීමාවක් කරා අප පැමිණි තිබුණ ද සිදු වන්නේ එහි අනෙක් පැත්තය. ඩොලර් මිලියන ගණනින් අපට අහිමි වෙයි. තවත් විටෙක පාඩු ලබයි. සංචාරක ක්ෂේත්‍රය පමණක් නොව ජාතික ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් මෙලෙස අභියෝගයට ලක් වී ඇත. ඒවා ගණනය වී නැති අතර, විරෝධතා නිසා මිනිසාට අහිමිවන වැඩ කරන පැය ගණන කිසිදා ගණනය වන්නේ නැත. විරෝධතාකරුවෝ තමාගේ කාලය හා ශ්‍රමය පමණක් නොව සමස්ත සමාජයේම කාලය හා ශ්‍රමය කා දමති. මේවායෙහි අතුරු ප්‍රතිඵල ලැබෙන විට ආර්ථික අර්බුදය තවත් උත්සන්න වෙයි.

ශ්‍රී ලංකාව පසු වන්නේ තීරණාත්මක අවස්ථාවක වුව ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමේ හැකියාව ඇතැයි ලෝක බැංකු වාර්තාවක සඳහන් වෙයි. කොවිඩ් වසංගතය මර්දනයේදී ආසියාවේ කැපී පෙනෙන රාජ්‍යයක් බවට පත්ව සිටින ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තැබිය හැකි යැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපේ සාකච්ඡා ලබන දහඅට දා සිට ආරම්භ වන බව ප්‍රකාශ වී ඇත. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවෙන් ද සුබවාදී ප්‍රතිචාර ලැබී ඇත. මහ බැංකුවේ නව අධිපතිවරයා විශ්වාසයෙන් යුතුව පෙන්වා දී ඇත්තේ ආර්ථික අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගැනීමට හැකිවනු ඇති බවය.

අප මුලින් ද සඳහන් කළ පරිදි මේ තීරණාත්මක අවස්ථාවකි. මෙහිදී සමාජයේ සෑම කණ්ඩායමක්ම වගකීම් සහගත ලෙස හැසිරෙන්නට වගබලා ගත යුතුය. අපට ඉබාගාතේ යන්නට කාලයක් නැත. ආවේග පිට කරමින් කෑගැසීමට ද කාලයක් නැත. දකුණු ආසියානු කලාපයේ අඩුම වාර්ෂික ආර්ථික වෘද්ධිය සටහන් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව, නේපාලය හා ඇෆ්ගනිස්ථානය යන රාජ්‍යයන්ය. මාලදිවයිනෙහි වාර්ෂික ආර්ථික වෘද්ධිය 11%කි.
බංග්ලාදේශයේ 6.5%කි. පාකිස්ථානයේ 4.3%කි. අප මේ තත්ත්වයන් වටහාගෙන තීන්දු තීරණ ගත යුතුව තිබේ. මෙහි වගකීම දේශපාලකයන්ට, නිලධාරීන්ට පමණක් නොව, ජනතාවටත් ඇති බව තේරුම් ගත යුතුය.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙත්මි අවසන් පූර්ව වටයට

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

ආගමන විගමන පාලක ජනරාල්ගෙන් දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : එක්දින සේවය...

පක්ෂයට පිටින් ගිය පොහොට්ටුවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති...