2024 වසරේ රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් ප්‍රෝටීනවල කේත බිඳදැමු විද්‍යාඥයින් තිදෙනෙකුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර 2024 රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත්තේ කෘත්‍රිම සියලුම ප්‍රෝටීනවල කේත බිඳීමට කෘතීම බුද්ධිය භාවිතා කළ විද්‍යාඥයින් තිදෙනෙකු වෙනුවෙනි.

ඒ අනුව, එක්සත් ජනපද ජෛව රසායනඥයෙකු වන ඩේවිඩ් බේකර්, ලන්ඩනයේ ගූගල් ඩීප් මයින්ඩ් හි සේවය කරන ඩෙමිස් හසාබිස් සහ ජෝන් ජම්පර් වෙනුවෙන් පිරිනැමේ.

ඇමයිනෝ අම්ල අණු මාලාවක් වන ප්‍රෝටීන යනු ජීවයේ ගොඩනැඟිලි කොටස් වේ. ඒවා හිසකෙස්, සම සහ පටක සෛල සෑදීමට උපකාරී වන අතර DNA කියවීම, පිටපත් කිරීම සහ අලුත්වැඩියා කිරීම; තවද ඔවුන් රුධිරයේ ඔක්සිජන් රැගෙන යාමට උපකාර කරයි.

මෙම විද්‍යාඥයින් විසින් ඇමයිනෝ අම්ල අනුපිළිවෙලකින් ප්‍රෝටීනයක ත්‍රිමාණ ව්‍යුහය පුරෝකථනය කිරීම සඳහා AI( AlphaFold Protein Structure Database) භාවිතා කර ඇති අතර ඔවුන්ට ප්‍රෝටීන මිලියන 200 ක ව්‍යුහය ගැන අනාවැකි කීමට හැකිය. ඒ අනුව මොවුන්ගේ AlphaFold Protein Structure Database මේවන විට අවම වශයෙන් ලොව පුරා පර්යේෂකයන් මිලියන 2ක් විසින් භාවිතා කර ඇත.

අද(09)දිනයේදී නොබෙල් ත්‍යාගය ප්‍රක්ෂයට පත් කරමින් කමිටුව සඳහන් කර තිබුණේ, මෙම සොයාගැනීම් විද්‍යාත්මක ජයග්‍රහණවල උච්චතම අවස්ථාව වන බවත් මෙම ගැටලුව වසර 50ක් තිස්සේ නොවිසඳුණු ගටළුවක් වූ බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...