හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි – කමල් අද්දරාඅරච්චි

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

මෙවර මහ මැතිවරණයට ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතය. අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී දෙවන පරපුර පක්ෂය ඒ බව පැවසීය.

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ඒ පිළිබඳ දැක්වූ අදහස්,

"හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන් සහ බුද්ධිමත්ව වැඩ කිරීමට හැකි නවක කණ්ඩායමක් තෝරාපත් කරගමු. දෙවන පරපුර තුළින් ඒ ශක්තිය ලබාදෙන්න පුළුවන්. මමත් ඒ අයට ශක්තියක් වෙන්න තමයි අද දෙවන පරපුර සමග එකතු වුණේ."   

දෙවන පරපුර පක්ෂය සමග අද සිවිල් සංවිධාන කිහිපයක් එකතු වූ අතර එහිදී සම්මුතියකට අත්සන් තැබීම ද සිදුකෙරුණි. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා දෙවන පරපුර පක්ෂයේ නායකත්වය දරණ අතර ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“විපක්ෂයට පරණ හොරු ටිකම යැව්වොත් රට දියුණු කරන්න බැහැ. සමස්ත පාර්ලිමේන්තුවම මේ රටට ආදරය කරන මිනිස්සුන්ගෙන් පුරවමු.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැටී නැගිටින නුවරට වැටී නැගිටින පාඩමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: මේ මොහොත තවමත් වැටුණු...

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...

‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට්...