රටේ ප්‍රධාන මරමස්ථාන ගැන ජනපතිගේ විශේෂ අවධානය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

අද (09) ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් සිදු වී තිබෙන අතර, රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත,

ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේදී තමන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව මෙහිදී දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙන අතර, එම ගැටළුවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමේ වැදගත්කම එහිදී අවධාරණය කර ඇත. .

බදු නීති මනා සම්බන්ධීකරණයකින් යුතුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, බදු පැහැර හැරීම් වැළැක්වීමට සහ ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...