සියලු සාමාන්‍ය ණය සේවා අත්හිටුවයි – නිල වශයෙන්ම රට බංකොලොත්?

Date:

ශ්‍රී ලංකාව සියලු සාමාන්‍ය ණය සේවා තාවකාලිකව අත්හිටුවන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කරනු ලබන ආර්ථික ගැලපුම් වැඩසටහනකට අනුකූළව ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදුවන තුරු මෙසේ තාවකාලික කාලසීමාවක් සඳහා ණය සේවා අත්හිටුවන බවයි මුදල් අමාත්‍යංශය අද (12) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ මෙරට අනෙකුත් අංශවල හවුල්කරුවන්ගේ සහාය ඇතිව පූර්ණ ආර්ථික ප්‍රතිසාධන වැඩපිළිවෙලක් නිර්මාණය කළ හැකිවන තුරු මූල්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ තාවකාලික හා හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස මෙම අත්හිටුවීම සිදුකරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

පරිපූර්ණ ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදුකිරීම ප්‍රායෝගික නොවන පසුබිමක, රටේ මූල්‍ය තත්ත්වය තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා සහ සියලු ණය හිමියන්ට (වාණිජ හා ද්වීපාර්ශ්වික) සාධාරණ ලෙස සැලකීම සඳහා ගනු ලැබූ අවසාන විකල්පයක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, මෙම නිවේදය නොකියා කියන්නේ ශ්‍රී ලංකාව නිල වශයෙන්ම ආර්ථික වශයෙන් බංකොලොත් වූ රාජ්‍යයක් බව ය.

මෙම නිවේදනයට අදාළව ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය දැනුවත් කළේද හා ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය විසින් මෙවන් ක්‍රියාමාර්ගයක් අනුමත කළේ ද යන ගැටලුව පවතී. මන්ද මෙම තීරණය මඟින් සිදුවිය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව රජය දැනුවත් කර තිබේද යන්න පැහැදිලි කිරීමක් නැත.

මෙසේ ණය සේවා අත්හිටුවීමට අදාළව පරිපූර්ණ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේද? මෙවන් තීරණයක් ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් අනුමත කර තිබේ ද?

මෙවන් තීන්දුවක් හරහා ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලට පිළියම් යෙදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව විසින් උපදෙස් ලබා දී තිබේද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසකගෙන් ජනතාවට පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ...