ඇමරිකානු නාවික බලඇණියේ අණදෙන නිලධාරී හා ජනාධිපති අතර හමුවක්!

Date:

කොළඹ LNW:එක්සත් ජනපද නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් මහතා අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.

ඉන්දියන් සාගරය තුළ දිනෙන් දින ඉහළ යන ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම,සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම ගැන එහිදී සාකච්ජා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය වැනි ජාත්‍යන්තර තර්ජනවලට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට අද්මිරාල් ස්ටීව් කොහ්ලර් මහතා සහතික වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයද එහිදී ඔහු අගය කර ඇත.

මේ අතර නාවික අංශයේ මිනිස් බල පුහුණුව සඳහා එක්සත් ජනපදයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බවත් ඔහු එම සාකච්ජාවේදී අවධාරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...