විරෝධතාව පස්වැනි දිනටත්. අරගලයේ නියුතු ජනතාව ගෝල්ෆේස් පිටියේම අවුරුදු සමරන්න සූදානමින්

Date:

ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් විරෝධය පළ කරමින් අප්‍රේල් 09 වෙනිදා කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ආරම්භ කෙරුණු විරෝධතාව අඛණ්ඩවම අද (13) දිනයේත් ක්‍රියාත්මක වේ.

ගතවූ දින හතර තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ගෝල්ෆේස් පිටිය අසල කූඩාරම් පිහිටුවා වාඩිලාගත් අතර අව්වැසි නොතකා එහි රැඳී සිටිමින් පැය 24 පුරා අඛණ්ඩ උද්ඝෝෂණයක් මේ දක්වාම පවත්වාගෙන යති.

ඔවුන් මෙම විරෝධතා කඳවුර “ගෝඨාගෝගම” වශයෙන් නම්කර ඇති අතර මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ද එහිම සිට සැමරීමට සූදානමින් සිටිති.

කිසිදු දේශපාලන පක්ෂයක මෙහයවීමෙන් තොරව ජනතාව ස්වේච්ඡාවෙන් සංවිධානය වෙමින් මෙම විරෝධතාව පවත්වාගෙන යන අතර විවිධ වෘත්තිකයින්, කලාකරුවන්, ආගමික නායකයින් ඇතුළු පිරිස්වල සහයෝගය ද ඊට ලැබෙමින් තිබේ.

මෙම විරෝධතාව ශ්‍රී ලංකාවේ මෙතෙක් දේශපාලන ඉතිහාසයෙහි නවමු අත්දැකීමක් වශයෙන් සටහන් වනු නියත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...