දමිතාගේ නම සජබ නාමයෝජනා ලැයිස්තුවේ නෑ , දමිතා හැරී යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය, රත්නපුර දිස්ත්‍රික්කයට තරග වැදීම සදහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියද ඇය ආපසු හැරී ගොස් තිබෙන අතර, නාම යෝජනා පත්‍රයේ තමන්ගේ නම නොතිබිම හේතුවෙන් ඇය මෙසේ හැරී ගොස් ඇති බව වාර්තා වේ.

රත්නපුර දිස්ත්‍රික්කය සදහා තරග කරන සමගි ජන බලවේගයේ නාමයෝජනා ලැයිස්තුව එහි දිස්ත්‍රික් නායක හේෂා විතානගේ මහතා විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ තේරිම් භාර නිළධාරි වසන්ත ගුණරත්න මහතා වෙත භාර දුන් අතර, දමිතා අබේරත්න මහත්මියගේ නම නොමැතිව රත්නපුර දිස්ත්‍රික්කය සදහා සමගි ජන බලවේගය අද ( 11) නාමයෝජනා භාර දුන් බවට වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...