ප්‍රසන්නත් බෑ කියල!

Date:

කොළඹ LNW: හිටපු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල නියෝජිතයෙක්ව සිටි ඔහු සිට පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් ආණ්ඩුව සමඟ කටයුතු කළ අතර පසුගිය දිනවල මහ මැතිවරණයේ සිලින්ඩරයේ ලකුණින් නාමයෝජනා සකස් කිරීමේ වැඩපිළිවෙල සමඟද එක්ව කටයුතු කරන ආකාරය දක්නට ලැබුණි.

මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය අනුව විපක්ෂය එකම කණ්ඩයමක් ලෙස ක්‍රියා කළ යුතුව් ඇති බවද රණතුංග මහතා අවධාරණය කරමින් සිටියේය.

කෙසේවෙතත් මේ වන විට ඔහුද මෙවර මහ මැතිවරණ සටනින් ඉවත්ව සිටින බව දැනගන්න තිබෙන අතර පසුගිය පාලන සමය තුළ සිටි ඉදිරිපෙළ මැති ඇමතිවරු රැසක්ම මෙවර පසු බැස තිබීම විශේෂත්වයකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...