පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරුවීම්!

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකුට සහ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මෙම ස්ථාන මාරුවීම් සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව,

නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) පී. අම්පාවිල මහතා පොලිස් මූලස්ථානයට අනුයුක්තව මුදල් විශුද්ධිකරණ හා සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මුල්‍ය බුද්ධි ඒකකය 02 සහ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම සහ අතත්‍ය මුදල් පිළිබඳව විමර්ශනය කිරීම පිණිස මහ බැංකුවේ ස්ථාපිත කර ඇති විශේෂ විමර්ශන ඒකකයන්හි රාජකාරි අධීක්ෂණ තනතුරේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර ඇත.

නියෝජ්‍ය පොලිස්පති ඩී.පී. චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවර්ථන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර ඇත.

කාන්තා නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පොලිස් මුලස්ථානයේ සිට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...