රාජපක්ෂලා පාරවල්වලින් හොරාකාපු සල්ලිවලින් මන්ත්‍රීලා මිලදී ගන්නවා – දයාසිරිගෙන් චෝදනා (VIDEO)

Date:

රාජපක්ෂවරුන් සුපුරුදු බල ක්‍රීඩාවම නැවත ආරම්භ කර ඇති බවටත් ඔවුන් මහාමාර්ග ව්‍යාපෘතිවලින් සොරකම් කළ මුදල් යොදවා මන්ත්‍රීවරුන් මිලදී ගනිමින් සිටින බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.

“රාජපක්ෂලා පරණ පුරුදු සෙල්ලමම නැවත පටන් අරන්. පාරවල්වලින් හොරාකාපු සල්ලිවලින් මන්ත්‍රීවරුන් දැන් මිලදී ගන්නවා. ශාන්ත බණ්ඩාරට කීයක් දුන්නාද අපි දන්නෙ නෑ. ඒත් අපි දන්නවා වටිනාකමක් සහිතව ගිහින් තියෙන්නෙ. මේ ජනපති මෙහෙම කරයි කියලා හිතුවෙ නෑ. හිටපු රාජපක්ෂලා පක්ෂ දෙකට තුනට කැඩුවා. ඒ පරණ පුරුදු රාජපක්ෂලාගෙ ජරාජීර්ණ දේශපාලනය ගෝඨාභය රාජපක්ෂත් කරනවා. මන්ත්‍රීවරුන් මිලදී ගෙන 113 හදලා හෙට ඉඳලා ජනතාවට මුහුණ දෙන්න බෑ. අපි ආණ්ඩුවට එරෙහිව එළියට බහිනවා. මතක තියාගන්න නැවත රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදනවා නම් ඒකට උදව් කරන්න ලෝකෙ රටවල්වලට අපි ඉඩ තියන්නේ නෑ. නින්දිත ආණ්ඩුව එක්ක නැවත ගනුදෙනු නෑ”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (12) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...