සමගි ජන බලවේගයේ කැම්පේන් එකේ වෙනසක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය මැතිවරණයේ මෙන් දැවැන්ත රැලි පවත්වමින් නොව මෙවර මහමැතිවරණයේදී ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි.

“අපි මැතිවරණ ව්‍යාපාරය ගියවර වගේ දැවැන්ත රැලි පවත්වන්නේ නැතිව ගෙයින් ගෙට ගිහිල්ලා, දොරින් දොරට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා ඒ ජනතාවගේ ඡන්දයේ වටිනාකම පිළිබඳ අවබෝධය ඇතිකරලා ඡන්දය පාවිච්චි කරන්න කියලා උද්‍යෝගය ඇතිකරන්න තමයි අපි වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ”

ජේ. සී. අලවතුවල මහතා මේ බව පැවසුවේ මහමැතිවරණය සඳහා ඊයේ (11) නාමයෝජනා භාරදීමෙන් අනතුරුව කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...