සටහන – රුවන් නෙළුගොල්ල
තමන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවුණත් තවත් යම් කාලයක් දේශපාලනයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බව හිටපු හමුදාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
“මම පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා නොදුන්නත් ඉදිරියටත් දේශපාලනයේ රැඳිලා ඉන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා, තව අවුරුදු පහක පමණ කාලයක්. මහමැතිවරණයේදී ස්වාධීනව නාමයෝජනා දීලා වැඩක් නෑ කියන එක මම හොඳට අවබෝධ කරගෙන ඉන්නෙ”
සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වූ ඒ මහතාට ලබාගත හැකිව තිබුණේ ඡන්ද 22,407ක් පමණි. ඡන්ද ප්‍රතිශතය 0.17%ක් විය.