සටහන – රුවන් නෙළුගොල්ල
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (14) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.
හෙට දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන රජයේ සේවකයින් සඳහා ලබන 18 වනදා ද අවස්ථාව ලබාදෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වනදා පැවැත්වීමට නියමිත ය.
එම ප්රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාරදී ඇත.