සමඟිය ගැන හිරුණිකා කලකිරෙයි. වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා ධූරයෙනුත් ඉවත් වෙයි!

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා ධූරයෙන් ඉවත් වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තීරණය කර තිබේ.

කෙසේවෙතත් තමන් පක්ෂයෙන් ඉවත් නොවන අතර පක්ෂය තුළ හිඳිමින් ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වදින බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ.

ජනාධිපතිවරණයේදී බිම් මට්ටමේ ජනතාව සහ සංවිධායකයින් නිසි ලෙස වැඩකර නැති බවට සජිත් ප්‍රේමදාස මහතා ළඟ සිටින තැනැත්තෙක් ප්‍රකාශ කළ බවත් එම කතාවෙන් තමන් විශාල කලකිරීමකට පත්වහ සිටින බව ඇය සඳහන් කළාය.

”අපි කොච්චර වැඩ කළාද? කොච්චර කැපකිරීම් කළාද? සංවිධායකයින්ට චෝදනා කිරීම නිසා මට කලකිරීමක් ඇති වුණා. මාලිමාව පිටින් කිසිවෙක් ගත්තේ නෑ. බලන්න ඒක කොච්චර හොදද. සාම්ප්‍රදායික දේශපාලනය මිනිස්සු අහක දැම්මා. සමගි ජන බලවේගය මේ දේශපාලන ක්‍රමය තේරුම් ගත්තේ නෑ. මේකයි පරාද වුනේ. නමුත් ඉතාම හොදින් මැතිවරණ කටයුතු කරමින් ඉන්නවා. මම හිතනවා ජනතාව මාව පාර්ලිමේන්තුවට පත්කරාවි කියල.” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම බව කියා සිටියේ අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...